පිළිකාව ගැන තිබු වැරදි මතයක් දුරු වෙයි

Friday, 29 July 2016 - 11:17

%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පිළිකාව යනු නවීණ ලෝකයේ මිනිසුන්ට පමණක් වැළඳෙන රෝගයක් බවට තිබු මත බිඳ වැටෙන තොරතුරුක් දකුණු අප්‍රිකාවෙන් අනාවරණ වී තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර ආසන්නයේ ලෙනක් තුලින් හමුවු මිනිස් පාද අස්ථියක වැළඳී තිබු පිළිකා සෛල සොයා ගැනීමත් සමග පිළිකාව පිළිබඳ තිබු ඇතැම් වැරදි මතවාද දුරුවන බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසක් එක්ව මෙම තොරතුරු තහවුරු කරගෙන තිබෙනවා.

 සොයා ගැනුනු මානව අස්ථිය වසර මිලියන 1.7 කට වඩා පැරණි බවටයි විශ්වාස කෙරෙන්නේ.

එතරම් පැරණි මානව අස්ථියක ද පිළිකා සෛල පැවතීම හමුවේ පිළිකාව යනු නුතන ලෝකයේ මිනිසුන්ට ඇතිවන රෝගයක් බවට වු මත බැහැර වන බව විද්‍යාඥයන් ප්‍රකාශකර තිබෙනවා.

මීට පෙර පිළිකා සෛල තිබු අස්ථි කොටසක් හමුවී තිබුනේ මීට වසර එක්ලක්ෂ විසිදහසකට පමණ පෙර ජීවත්වු මානවයකුගේයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories