Update : හිටපු පොලිස්පතිගෙන් රහස් පොලීසිය පැය 4ක් ප්‍රශ්න කරයි

Friday, 29 July 2016 - 11:41

Update+%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළව හිටපු පොලිස්පතිවරයෙකු වන මහින්ද බාලසූරියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයක් ලබා ගත්තා.

පැය 4ක පමණ කාලයක් අදාළ ප්‍රකාශය ලබා ගත් බවයි එහි ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සදහන් කළේ.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග අත්තිඩිය අධි ආරක්ෂිත කලාපයේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ 2009 වසරේ ජනවාරි 8 වන දායි.

මේ අතර, කොළඹ අපරාධ කොට්ඨාශය අද අත්අඩංගුවට ගත් දෙමළ ජාතික සන්ධානයේ අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.එච්. පියසේන අගෝස්තු 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රජයේ වාහනයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදීයි හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණේ.

එසේම ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර බලහත්කාරයෙන් රුපියල් කෝටි 61ක මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහිව ගොනුකර ඇති නඩුව ද අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අත්අකුරු පරීක්ෂා කිරීමට අවසර ලබාදෙන ලෙසයි.

ඒ අනුව, ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සැකකරුගේ අත්අකුරු පරීක්ෂා කරන ලෙසට නියෝග කර තිබෙනවා.

මෙම නඩුව නොවැම්බර් 18 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි.

එම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන පසුගිය 8 වැනිදා ඇප මත මුදා හැරුණා.

මේ අතර, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර අද බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා.

ඒ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් තොරව ලක් සතොස ආයතනයට ඉන්දියාවෙන් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ගෙන්වා රුපියල් බිලියන 5ක මුදලක් අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබා දීමටයි.  

අද දිනයේදී ඔහු පැය පහමාරකට ආසන්න කාලයක් එම කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදී තිබෙනවා.




Update : Friday, July 29, 2016 19.19
------------------------------------------------

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා හිටපු පොලිස්පතිවරයෙකු වන  මහින්ද බාලසූරිය රහස් පොලිසිය වෙත අද (29) කැදවා තිබුණා.

මේ වනවිට ඔහුගෙන් අදාළ ප්‍රකාශය සටහන් කර ගනිමින් සිටින බවයි පොලිසිය සදහන් කළේ.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග අධි ආරක්ෂිත කලාපයක් වූ අත්තිඩිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ 2009 වසරේ ජනවාරි 8 වන දායි.

මේ අතර, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති හමුදා බුද්ධි අංශ සැරයන්වරයා තමන් පැහැරගත් පුද්ගලයා බවට ලසන්ත වික්‍රමතුංගගේ රියදුරු විසින් පෙරේදා හඳුනා ගත්තා.

ඒ, අදාළ සැරයන්වරයා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories