රුපියල් 15 කට ද්විත්ව ඝාතනයක්

Friday, 29 July 2016 - 13:08

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+15+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඩාලිට් හෙවත් කුලහීන යුවලක් රුපියල් 15 ක ණයක් නොගෙවීම නිසා ඉහළ කුලයක වෙළදසැල් හිමිකරුවෙකු විසින් ඝාතනය කර තිබෙනවා.

මෙම යුවල සිය දරුවන් තුන්දෙනා සදහා වෙළදසැලෙන් ලබා ගත් බිස්කට් පැකට් 3 කට ගෙවිය යුතු රුපියල් 15 ගෙවීමට කල් ඉල්ලා ඇත්තේ වැටුප් ලැබුණු පසු එය ලබාදෙන බව පවසමින්.

එහෙත්, කුපිත වූ වෙළදසැල් හිමියා තියුණු ආයුධයකින් කුලහීන සැමියා ඝාතනය කර ඇති අතර ඔහු බේරා ගැනීමට පැමිණි බිරිදට ද පහරදී ඝාතනය කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වෙළදසැල් හිමියා අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories