ගංවතුර මැද්දේ මතුවුණු සත්ව කරුණාව (ඡායාරූප )

Saturday, 30 July 2016 - 8:18

%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B7%80+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%29
ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ අගනගරය වන බැංගලෝරය ජලයෙන් යට වී ඇති අතර, එහි ජනයා ඉවත් කර ගැනීමට ජලය පිරුණු මහාමාර්ගවලට ඩිංගි බෝට්ටු යොදවා ඇති බව වාර්තා වනවා.

මෝසම් වැසි සමඟ ඊසානදිග ඉන්දියාවේ මෙන්ම දකුණු ඉන්දියාවේ ද දැන් ජල ගැලීම් තත්ත්වයක් දක්නට ලැබෙන බව සදහන්.

ඇසෑමයේ සහ බිහාරයේ මිලියන 2ක් පමණ ජනතාව ජල ගැල්මෙන් අවතැන් වී සිටිනවා. ගංඟා පිටාර ගැලීමෙන් සිදුවූ අනතුරු නිසා මිය ගිය සංඛ්‍යාව 50කට ආසන්නයි.

ඇසෑම් ප්‍රාන්තයේ කසිරංගා වන රක්ෂිතය යටවීම නිසා එහි සිට කඳුකර ප්‍රදේශ බලා යමින් සිටියදී දියේ ගිලූණු රයිනෝ පැටවුන් පිරිසක් බේරා ගැනීමට ඉන්දීය වනජීවි නිලධාරීන් සමත් වුණා.

ලොව තනි අඟ සහිත රයිනෝසිරස් සත්ත්වයන්ගෙන් තුනෙන් දෙකකටම නිවහන වන්නේ ඇසෑමයේ කසිරංගා වන රක්ෂිතයයි. 











Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories