අනධ්‍යයන සේවකයින්ගේ වර්ජනය අසාධාරණයි - ඇමති කිරිඇල්ල

Sunday, 31 July 2016 - 8:03

%E0%B6%85%E0%B6%B1%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD
ඉල්ලීම් හතෙන් හයක් ලබාදී තිබියදීත් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් සිය වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

මාසික හිලව් දීමනාව සහ විධිමත් විශ්‍රාම වැටුපක් ලබාදීම ඇතුලූ ඉල්ලීම් හතක් මුල් කරගෙන විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඩ් මල්වත්තගේ කියාසිටියේ මේ වනතුරු තම ගැටලූවලට විසඳුම් ලබාදීම සඳහා වන එකඟතාවයකට අමාත්‍යවරයා පැමිණ නොමැති බවයි.

කෙසේ වෙතත්, මහනුවරදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ මෙම වැඩවර්ජනය පිටුපස ඒකාබද්ධ විපක්ෂයේ බලවේග ක්‍රියාත්මක බවයි.

විශ්වවිද්‍යාලවල අන්‍යධයන සේවකයන් පසුගිය 27 වනදා සිට ආරම්භ කළ වර්ජනය හේතුවෙන් දිවයින පුරා විශ්වවිද්‍යාල 15ක සහ අනුබද්ධ ආයතන රැසක අධ්‍යයන කටයුතු අඩාල වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories