පොලිස්පතිවරයාගේ ජංගම දුරකථන අංක ජනතාවට විවෘත වෙයි

Sunday, 31 July 2016 - 13:05

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%85%E0%B6%82%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මත්කුඩු මෙරටට ගෙන ඒමේ ජාත්‍යන්තර ජාලයක් ක්‍රියාත්මක වන අතර එය විනාශ කර දමන බව පොලිස්පති පූජිත් ජයසුන්දර අවධාරණය කළා.

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාගම ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ මත්ද්‍රව්‍ය, මත්කුඩු බෙදාහරින සහ අලෙවි කරන පුද්ගලයන් සිටීනම් පොලීසිය වෙත තොරතුරු ලබාදෙන ලෙසයි.

තොරතුරු ලබාදීම සඳහා මෙහිදී පොලිස්පතිවරයා සිය පෞද්ගලික ජංගම දුරකථන අංකයන්ද ජනතාවට ලබාදීම විශේෂත්වයක්.

ඒ අනුව 071 859 20 20 සහ 071 859 20 22 යන දුරකථන අංකය අමතන ලෙසයි පොලිස්පතිවරයා ඉල්ලා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories