අගමැති හෙට ඉන්දුනීසියාවට

Sunday, 31 July 2016 - 13:12

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
දෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට ඉන්දුනීසියාව බලා පිටත්ව යනවා.

ඉන්දුනීසියාවේ - ජකර්තා නුවර පැවැත්වෙන 12 වන ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගිවන අග්‍රාමාත්‍යවරයා එහි ආරම්භක සැසිවාරයේදී විශේෂ දේශනයක්ද පැවැත්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

සමුළුව අතරතුර අග්‍රාමාත්‍යවරයා ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ, එරට මුදල් අමත්‍ය ශ්‍රී මුල්යානි ඉන්ද්‍රවතී සහ සමුද්‍ර කටයුතු අමාත්‍ය ලූහුත් බින්සාර් පන්ජයිතාන් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එසේම ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුව අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මැලේසියානු අග්‍රාමාත්‍ය අබ්දුල් රසාක්, තජිකිස්ථාන් ජනාධිපති එමමොලි රහ්මන් සහ ජෝර්දානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ජාවඞ් අල් අනානි ද මුණගැසීමට  නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories