ඖෂධ මිල අඩුකිරීමේ ගැසට් පත්‍රය ලබන මස ප්‍රකාශයට

Sunday, 31 July 2016 - 13:35

%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B8%E0%B7%83+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
ඖෂධ මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ලබන මස 31 වනදා වනවිට ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් තමන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමඟ සහ ඖෂධ වානිජ මණ්ඩලය සමඟද සාකච්ඡා කළ බවයි අලුත්ගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

ඒ අනුව ඖෂධ මිල සියයට 85 ක් දක්වා අඩු කිරීම අපේක්ෂාව බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශය මගින් සිදු කිරීම තහනම් කරන බවයි අමාත්‍ය රාජිත සේනාරත්න එහිදී ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories