පයින් ගිහින් රට දියුණු කරන්න බැහැ - ජනපති

Sunday, 31 July 2016 - 18:59

%E0%B6%B4%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
මහජන නියෝජිතයන්ගේ වගකීම වන්නේ කරගැට එනතුරු මහ පාරේ පයින් යෑම නොව රට ගොඩනැගීම සඳහා එක්වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.

රටේ සියලු දිස්ත්‍රික්කවලට එක හා සමාන සංවර්ධනයක් උදා කර දෙමින් ජනතාවගේ ප්‍රශ්න විසදීමට කිසිදු ආණ්ඩුවක් නොකළ වැඩ කොටසක් තම ධුර කාලය තුළ ඉටු කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

දිවයින පුරා ප්‍රාදේශීය මාර්ග කිලෝමීටර් 3100ක් ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුවේදී අද එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

මෙම ඒකාබද්ධ මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මාර්ග කිලෝමීටර් 170ක් ප්‍රතිසංස්කරණය කෙරෙනවා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කුළල් කා ගන්නා දේශපාලන සංස්කෘතිය අවසන් කර රට ගොඩ නැගීමට සියලු දේශපාලනඥයන් සහ දේශපාලන පක්ෂ එක්වීම යුගයේ අවශ්‍යතාවක් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories