ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අවසානයේ රැස්වීම කැම්බල් පිටියේ පැවැත්විය හැකි බවට පොලීසියෙන් සංවිධායකයින්ට ලිපියක්

Monday, 01 August 2016 - 16:11

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව මේ වනවිට මාළිඟාවත්ත මංසන්ධියෙන් හැරී පංචිකාවත්ත මාර්ගය ඔස්සේ මරදාන දෙසට ගමන් කරමින් තිබෙනවා.

ඒ හේතුවෙන් මාළිගාවත්ත සහ පංචිකාවත්ත අවට ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි පොලීසිය සදහන් කළේ.

කෙසේ වුවත් පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සදහන් කළේ පාද යාත්‍රාව අවසානයේ රැස්වීම කැම්බල් පිටියේ පැවැත්විය හැකි බවට දැනුම් දෙන ලිපියක් පොලීසිය මගින් එහි සංවිධායකයන්ට භාර දුන් බවයි.

පාද යාත්‍රාව අද කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර, ගමනාන්තය වන්නේ කොළඹ නගරයයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories