ජයලලිතාට ලක් රජයේ ප්‍රසාදය

Tuesday, 02 August 2016 - 15:12

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA
තමිල්නාඩු ධීවරයන්ට බොටම් ට්‍රෝලින් ධීවර පන්න ක්‍රමය තහනම් කිරීමට තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් විසින් ඉන්දීය මධ්‍යම රජයට යෝජනා කර ඇති බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ එම පියවර ලක් රජය  අගය කරන බවයි.

බොටම් ට්‍රෝලින් ක්‍රමය මගින් මසුන් ඇල්ලීමෙන් සාගර ජීවින් මෙන්ම මුහුදු පැළෑටි සහ කොරල්පර වලට විශාල හානියක් සිදුවන බව නාරා ආයතනය විසින් කරන ලද පර්යේෂණයකදී හෙළි වී තිබෙනවා.

ඒ හේතුවෙන් පසුගිය කාලය පුරා මෙරට මුහුදු සීමාව උල්ලංගණය කළ ඉන්දීය ධීවරයන් සහ යාත්‍රා සියල්ල අත්අඩංගුවට ගත් අතර, ඉන් නිදහස් කරනු ලැබුවේ ධීවරයන් පමණයි.

කෙසේ නමුත්, තමිල්නාඩු මහඇමතිනියගේ නව පියවර ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබාදීමට සූදානම් බවයි අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories