අගමැති රනිල් ඉන්දුනීසියාවේදී රාජ්‍ය නායකයන් රැසක් හමුවෙයි

Wednesday, 03 August 2016 - 7:23

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ නිරීක්ෂණ සාමාජිකත්වය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය දක්වන බව ජෝර්දාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය ජවාඞ් අල් අනානි ප්‍රකාශ කළා.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ ඉන්දුනීසියාවේ ජකර්තා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී ඊයේ පැවති සාකච්ඡාවේදියි.

ශ්‍රී ලංකාව සහ ජෝර්දානය අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරගැනීම සඳහා උපරිම සහය ලබාදෙන බවද ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, අග්‍රාමාත්‍යවරයා ඊයේ ලෝක ඉස්ලාමීය ආර්ථික සමුළු පදනමෙහි සභාපති තුන් මූසා හිටම් හමුවුණා.

දකුණු ආසියාතික රටවල සහභාගීත්වයෙන් ලෝක ඉස්ලාමීය ආර්ථික සමුළුවේ අතුරු සැසි වාරයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අපේක්ෂා කරන බවත් ඒ ඔස්සේ ශ්‍රී ලංකාවට ආයෝජන අවස්ථා හිමි කර ගැනීමේ ඉඩ පවතින බවත් පදනමේ සභාපතිවරයා අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඊයේ දිනයේදී මලයාසියානු අග්‍රාමාත්‍ය දතෝ ශ්‍රී නජීබ් රසාක් හමුවුණා.

එහිදී දකුණු සහ අග්නිදිග ආසියාවේ බහුවිධ සහ ප්‍රජාතාන්ත්‍රික සමාජයන්හි ආගමික කාර්ය භාරය මැයෙන එළඹෙන නොවැම්බර් 17 සිට 19 දක්වා කොළඹ දී පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වන ලෙස අග්‍රාමාත්‍යවරයා මලයාසියානු අග්‍රාමාත්‍යවරයාට නිළ ආරාධනයක් සිදුකර තිබෙනවා.

එමෙන්ම ඉන්දුනීසියානු සමුද්‍ර කටයුතු පිළිබඳ අමාත්‍ය ලූ හට් බින්සාර් අතර සාකච්ඡාවක්ද අග්‍රාමාත්‍යවරයා සමඟ ඊයේ පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ බෞද්ධ සංචාරකයන්ට ඉන්දුනීසියානු බෞද්ධ වෙහෙර විහාර පිළිබඳව අවබෝධය ලබාදීම පිළිබඳවද එහිදී අවධානය යොමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නව ආයෝජන සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඔහු දැනුවත් කළ බවද සඳහන්.

ඊයේ පස්වරුවේ තජිකිස්ථාන් ජනාධිපති එමොමලී රහමන් මුණගැසුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලෝකයේ සියලු රටවල් සමඟ සමීපව කටයුතු කිරීමේ මෙරට විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිළි කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories