ජනපතිගේ පාර්ලිමේන්තු දිවියට දින 10,000ක් සම්පූර්ණ වෙයි

Wednesday, 03 August 2016 - 7:28

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+10%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පාර්ලිමේන්තු දිවියට දින දස දහසක් සම්පූර්ණවීමේ නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා.

එහි එක් අදියරක් ඊයේ පස්වරුවේ ඓතිහාසික කැළණි රජමහා විහාර පුදබිමේදී පැවැත්වුණා.

ජනාධිපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු දිවිය ඇරඹුවේ 1989 වර්ෂයේ මාර්තු 9 වනදායි.

එතැන් පටන් අඛන්ඩව සෑම මැතිවරණයකින් ජයග්‍රණය කර ඇති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවට පිවිස ගතව ඇති දින ගණන දස දහසක්.

ඊයේ පස්වරුවේ කැළණි රජමහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා ආගමික  වතාවත්වල නිරතවූයේ රටට සහ සමස්ත රටවාසීන්ටම සෙත් පැතීමේ අරමුණින්.

ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නා හිමියන් පිරිස පංචශීලයේ පිහිටවූ අතර, බෝධි පූජා පිංකම පැවැත්වූයේ කොටපොල අමරකිත්ති හිමියන් විසින්.

මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතූ කැළණිය ජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් පෙන්වා දුන්නේ රජයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන  යෑම සඳහා සියලුදෙනාගේ සහය අවශ්‍ය බවයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories