මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ බුද්ධි අංශ සැරයන්වරයා යලි රිමාන්ඩ්

Wednesday, 03 August 2016 - 10:56

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ සැරයන්වරයා මේ මස 11 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

ඒ අද එම නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.

අත්අඩංගුවේ පසුවන මෙම හමුදා බුද්ධි අංශ සැරයන්වරයා තමන් පැහැර ගත් පුද්ගලයා බවට ලසන්ත වික්‍රමතුංගගේ රියදුරා විසින් පසුගියදා හඳුනා ගත්තා.

ඒ අදාළ සැරයන්වරයා මීට පෙර හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මේ අතර නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලසන්ත වික්‍රමතුංග  පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අතුල එස්. රණගල කියා සිටියේ ඔහුගේ රියදුරා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ප්‍රකාශයක් කිරීමට සූදානම් බවයි.

ඒ පිළිබඳව පෞද්ගලිකව අධිකරණය දැනුවත් කරන ලෙස විනිසුරුවරයා ප්‍රකාශ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories