ෆුල්ෆේස් වාරණයත් දීර්ඝ කරයි

Wednesday, 03 August 2016 - 12:27

%E0%B7%86%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය නොවැම්බර් මස 17 වැනිදා දක්වා යලි දීර්ඝ කර තිබෙනවා.

ඒ ඊට අදාල නඩුව අද (03) අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ පී‍්‍රති පද්මන් සූරසේන හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

ෆුල්ෆේ්ස් හෙල්මට් පැළඳ යතුරු පැදි ධාවනය කළ නොහැකි බවට වන නීතිය පසුගිය වසරේ අප්‍රේල් මස 02 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට පොලිසිය සුදානම් කර තිබුණා.

එහෙත් ඊට එරෙහිව පුද්ගලයන් දෙදෙනෙකු අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළේ පසුගිය වසරේ මාර්තු මස 31 වැනිදායි.

කෙසේ වෙතත් මෙම නඩුව නොවැම්බර් මස 16 වැනිදා යලි කැදවනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories