කුරුණෑගල ගනේවත්තේදී යතුරු පැදියක් දුම්රියේ ගැටීමෙන් තිදෙනෙක් මරුට

Wednesday, 03 August 2016 - 12:43

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9C%E0%B6%B1%E0%B7%9A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වැල්ලව වේරගල ඇඳගල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් එකම පවුලේ 3 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

අද දහවල් 11 යි 30 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රියේ යතුරුපැදිය ගැටීමෙනුයි.

අනතුරින් යතුරුපැදිය පැදවු මව සහ ඇයගේ දරුවන් දෙදෙනා මියගොස් තිබෙනවා.

නාගොල්ලාගම උල්පතගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ වයස අවුරුදු 32 ක්.

මියගිය දැරියන් දෙදෙනා අවුරුදු 6 සහ අවුරුදු 2 යන වයස්වල පසුවන බවයි පොලිසිය සඳහන් කලේ.

වැඩිමහල් දියණිය පාසලේ පැවති අතිරේක පන්තියකට සහභාගි කරවා, ඇය යළි කැඳවාගෙන මෙම මව නිවස බලා යමින් සිටියදියි අනතුරට මුහුණදී ඇත්තේ.

වර්ජනය හේතුවෙන් වෙනදා ඔවුන්ට සංඥා සපයන මුරකරුවන් එම ස්ථානයේ රැඳී නොසිටි අතර, ගේට්ටුවෙහි රතු කොඩියක් පමණක් එල්ලා තිබුණා.

වංගු සහිත මාර්ගයක් නිසා දුම්රිය පැමිණෙනු නොදුටු මෙම මව සහ දියණියන් දෙදෙනා දුම්රිය මාර්ගය මැදට පැමිණෙන විටම දුම්රියද එම ස්ථානය පසු කළා.

නිමේෂයකින් මෙම ජීවිත තුන අහිමි වන්නේ යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ කෑගල්ල කඳවුරේ සේවය කරන දැරියන්ගේ පියාට තම සොඳුරු පවුලම අහිමි කරමින්.

වේරගල - උල්පතගම ප්‍රදේශයේ පදිංචි ඔවුන්ගේ සිරුරු අනතුරෙන් පසු කුරුණෑගල - ගනේවත්ත දුම්රිය ස්ථානයට රැගෙන එනු ලැබුවා.

මේ වනවිට ඒවා පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

අනතුරෙන් පසු ප්‍රදේශවාසීන් ඔවුන් ගමන් කළ යතුරුපැදිය යළි දුම්රිය මාර්ගය මැදට රැගෙන විත් විරෝධතාවකට සූදානම් වී ඇති අතර, එම අවස්ථාවේ යළි එම ස්ථානයෙන් දුම්රියක් ගමන් කර තිබෙනවා.

යතුරුපැදිය දුම්රිය එන්ජිමේ පැටලීම නිසා ඊට හානි සිදුවී ඇති බව පවසමින් එම දුම්රිය රියදුරාද පසුව දුම්රිය එම ස්ථානයේ නවතා තිබූ බව එහි සිටින අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories