අනුර සේනානායක සහ නාරාහේන්පිට හිටපු අපරාධ අංශ ස්ථානාධිපති යළි රිමාන්ඩ්

Wednesday, 03 August 2016 - 13:27

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ සීසීටීවි දර්ශන සම්බන්ධයෙන් වන වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට තම නිලධාරීන් දෙදෙනෙකු කැනඩාව බලා පිටත්ව යාමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.

ඝාතන සිද්ධියෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් දුරකථන අංකවලින්ද නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට ඇමතුම් ලැබී ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළා.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාළ නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැදවනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා හමුවේයි.

ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා අධිකරණයට කැදවනු ලැබූවා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පවසා සිටියේ ඝාතනයට අදාළ සීසීටීවි දර්ශන සම්බන්ධයෙන් සිදු කෙරෙන වැඩි පරීක්ෂණ සදහා තම නිලධාරීන් දෙදෙනෙකු ලබන 21 වැනිදා කැනඩාව බලා පිටත්ව යන බවයි.

නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට අයත් ජංගම දුරකථනයට ලැබුණු දුරකථන ඇමතුම් පිළිබඳ පරීක්ෂණ සිදු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

කරුණු සළකා බැලූ අධිකරණය හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලබන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

මේ අතර මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළ නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ඉදිරියේ අද යළි කැඳවනු ලැබුවා.

මෙහිදී ඝාතන සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයා ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

සැකකරු අද හඳුනා ගැනීමේ පෙරට්ටුවක් වෙත කැඳවා තිබු අතරල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ලබා දෙමින් පැවසුවේ සිද්ධිය ඇසින් දුටු බව පැවසෙන සාක්ෂිකරු අංශ භාග රෝගී තත්ත්වයක් හේතුවෙන් අද අධිකරණයට කැඳවීමට නොහැකි වූ බවයි.

ඒ සදහා සති දෙකක කාලයක් ලබා දෙන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කරුණු සළකා බැලූ අධිකරණය ලබන 11 වැනිදා හදුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්වීමට නියෝග කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories