මවක් දියණියන් දෙදෙනා සමඟ දුම්රියට බිලි වෙයි - වර්ජනය කළ ගේට්ටුකරුවන්ට විසඳුම්

Wednesday, 03 August 2016 - 18:11

%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටුකරුවන්ගේ වර්ජනය අතරතුර කුරුණෑගල - ඈඳගල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් මවක සහ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර, අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් අද පෙරවරුවේ උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු ද පැය කිහිපයකට ඇණහිටියා.

ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ රුපියල් 5000 ක දීමනාව ලබාදෙන ලෙස සහ තම සේවය ස්ථීර කරන ලෙස රජයට බල කරමින්.

අද පෙරවරු 9 ට පමණ මෙම විරෝධතාව ආරම්භ වුණේ අනුරාධපුර - මැදවච්චිය දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයේදී.

උතුරු දුම්රිය මාර්ගය හරස් කරමින් අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් 100 කට ආසන්න පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියා.

විරෝධතාව හේතුවෙන් මන්නාරම සිට කොටුව බලා ගමන්ගත් දුම්රියක් පෙරවරු 10.30 ට පමණ මැදවච්චිය දුම්රිය ස්ථානය ආසන්නයේදී නවතා දමා තිබූ අතර, කොටව සිට යාපනය බලා ගමන්ගත් සුඛෝපභෝගි දුම්රියද නවතා දැමීමට සිදුවුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories