බිළිඳකු ගාලු මුවදොර පිටියේදී අතුරුදන්

Thursday, 04 August 2016 - 12:00

%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
ගාලු මුවදොරදී පැහැරගත් බිළිඳෙකු හලාවතින් සොයාගනී.

ගාලු මුවදොර පිටියේදී මාස 10 ක් පමණ වයසැති කුඩා බිළිෙදකු පැහැර ගත් පුද්ගලයෙකු හලාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිය මව සමග ගාලු මුවදොර පිටියට පැමිණ සිටියදී මෙම දරුවා අතුරුදන් වුණේ පෙරේදා පස්වරුවේදීයි.

මව සිය දරුවා   ගාලු මුවදොර පිටියේ පිහිටි කාන්තා වැසිකිලිය අසළ බිම තබා ඊට ගොස් තිබෙනවා.

ඇය ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේදී  බිළිඳා තැබූ ස්ථානයේ නොසිටීම නිසා ඒ පිළිබඳව කොටුව පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය සඳහන් කළේ.

ඒ අනුව සිදුකළ විමර්ශනයකදී හලාවත පොලිසියේ ද සහය ඇතිව මෙම බිළිදා ඊයේ රාත්‍රියේ සොයා ගැණුනු බව කොටුව පොලිසියේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.  

අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු අද දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories