පාද යාත්‍රාවට ළමයෙකු යොදාගැනීම ගැන පරීක්ෂණයක්

Thursday, 04 August 2016 - 12:48

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඒකාබද්ධ විපක්ෂය පසුගියදා දියත් කළ පා ගමන සඳහා කුඩා දරුවෙකු යොදාගැනීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එහි සභාපති නටාෂා බාලේන්ද්‍ර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ කුඩා ළමයෙකු දේශපාලන කටයුතුවලට යොදාගැනීම සම්බන්ධයෙන් අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකරන බවයි.

‘‘ජාතික ළමාරක්ෂන අධිකාරියට පොඩි ළමයෙකු දේශපාලන කටයුතුවලට යොදාගැනීම ගැන පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. ඒක ගැන සොයා බලනවා. ඉදිරියේදී ඒ ගැන අපි කටයුතු කරනවා.’’

මෙම පැමිණිල්ල මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් ජාතික ළමාරක්ෂක අධිකාරියට ගොනුකර තිබූ අතර,ඒ සම්බන්ධයෙන් තමන් අද දිනයේ ප්‍රකාශයක් ලබාදුන් බව එහි ජාතික සංවිධායක අසේල සම්පත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories