විමල්ගෙන් පැය 06 ක් ප්‍රශ්න කරයි

Thursday, 04 August 2016 - 18:09

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+06+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (04) පළමු වරට බරපතල වංචා සොයන ජනාධිපති කොමිසමේ පෙනී සිටි අතර එහිදී මන්ත්‍රීවරයාගෙන් පැය 6 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා.

ඒ නිවාස ඉදිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ අමාත්‍යවරයාව සිටියදී සිදුවූ බව කියන මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

මීට පෙර අවස්ථා දෙකකදී මන්ත්‍රීවරයා කොමිසම වෙත කැදවා තිබුණ ද ඔහු ඊට සහභාගි වූයේ නැහැ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන සහ ඉන්ධන පෞද්ගලික කාර්ය මණ්ඩලයට ලබාදීම සහ නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස සහ කඩකාමර ඥාති හිතවතුන්ට ලබාදීම සම්බන්ධයෙන් මන්ත්‍රිවරයාට චෝදනා එල්ලවී තිබෙනවා.

මෙලෙස මුදල් අවභාවිත කිරීම හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 1000 ක පමණ පාඩුවක් සිදුවී ඇති බව ද ජනාධිපති කොමිසමේ උසස් නිලධාරියෙකු සදහන් කළා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories