මෛත්‍රී, චන්ද්‍රිකා සහ මහින්ද එකතු නොවේ - අමරවීර

Thursday, 04 August 2016 - 18:24

%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%2C+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%BB
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපාර්ශවය එකතු කිරීම වළක්වන අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අද (04) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට ද පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ ඔහු සඳහන් කළ පරිදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එකතු වී ඉදිරි පළාත් මැතිවරණයට මුහුණ දෙන බවට ඇති ප්‍රකාශය සිදුවේද යන්නයි.

ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ එලෙස එකතුවීමට හැකියාවක් නොමැති වීමේ හැකියාවක් පවතින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories