බම්බු ගේට්ටුකරුවන්ගේ වැටුප් පිළිබදව කැබිනට් පත්‍රිකාවක්

Friday, 05 August 2016 - 7:40

%E0%B6%B6%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%94+%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල යොදවා ඇති බම්බු ගේට්ටුකරුවන්ගේ වැටුප් පිළිබඳ ගැටලූව නිරාකරණය කිරීමට සහ එම සේවාව විධිමත් කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, බම්බු ගේට්ටුකරුවන් සඳහා පත්වීම් ලබාදී ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුව හරහා වූවද, මොවුන් දෙපාර්තමේන්තුවට ලැබෙන පුනරාවර්තන වියදම් තුළින් වැටුප් ලබන සේවකයින් නොවන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

ඒ සඳහා බලය ලබාදී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවට වන අතර, මහා භාණ්ඩාගාරය විසින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කෙරෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories