ගාල්ල කම්පා කල රිය අනතුර (ඡායාරූප)

Friday, 05 August 2016 - 8:49

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගාල්ල නගරය ආසන්නයේදී සිදුවු රිය අනතුරකින් ගැබිණි කාන්තාවක් මරණයට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රී 8.45 ට පමණ ගාල්ල සිට මාතර දක්වා ධාවනය වු බස් රථයක ත්‍රී රෝද රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙලෙස මරණයට පත්වී ඇත්තේ 25 හැවිරිදි කාන්තාවක්.

ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි ඇය දරු ප්‍රසුතිය සඳහා සිය සැමියා සමග රෝහලට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු සැමියා විසින් ඇය අනතුරට ලක්වු ත්‍රී රෝද රථයේම මහමෝදර රෝහලට රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

ඒවන විටත් ඇය මරණයට පත්ව තිබීම හේතුවෙන් සිසේරියන් සැත්කමක් මාර්ගයෙන් බිළිඳාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත්වී තිබෙනවා.

මරණයට පත්වු කාන්තාවට වයස අවුරුදු 8 ක දියණියක් ද සිටින බව සඳහන්.

අනතුරට සම්බන්ධ බස් රථය නොනවත්වා පළාගොස් ඇති අතර එය සොයා ගාල්ල පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.



ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories