චීන ගවේෂණ යානය සද මත මියයයි

Friday, 05 August 2016 - 13:53

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%9C%E0%B7%80%E0%B7%9A%E0%B7%82%E0%B6%AB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%AF+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
චන්ද්‍ර ගවේෂණය සදහා චීනය විසින් යැවූ ජේඩ් රැබිට් යානය එහි ආයු කාලය ඉක්මවා සද මත අක්‍රිය වූ බව චීන අභ්‍යවකාශ ආයතනය ප්‍රකාශ කළේ.

2013 වසරේ දෙසැම්බරයේ සද වෙත ළගා වූ චීන ගවේෂණ යානය එහි ස්වභාවික සම්පත් පිළිබදව පරීක්ෂණවල නිරත වුණා.

ජේඩ් රැබිට් යානය සමගයි චීනය, ඇමරිකාව සහ රුසියාව හැරුණු කොට සද ජය ගත් තුන් වන රට බවට පත්වූයේ.

එහි ගවේෂණ කාලය 2014 වසරේ පෙබරවාරියෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද එම කාලය අභිබවා මාස 31 කට පසුවයි ජේඩ් රැබිට් යානය අක්‍රිය වී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories