බදු පැහැර හරින ව්‍යාපාරිකයන්ට අනතුරු ඇඟවීමක්

Saturday, 06 August 2016 - 18:08

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
රජයට ලැබිය යුතු බදු මුදල් ගෙවීම පැහැර හරින ව්‍යාපාරිකයන්ට මුදල් අමාත්‍ය රවී කරුණානායක අද (06) අනතුරු ඇඟවීමක් සිදුකළා.

 අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ නිවැරදිව බදු ගෙවන පිරිස අඛණ්ඩව එම කටයුතු සිදු කරද්දී ඇතැම් පිරිස් තවදුරටත් එය මගහරිමින් සිටින බවයි.

‘‘පුළුවන් තරම් බදු සරල කරන්න තමයි අපි කටයුතු කරගෙන යන්නේ. සරල කිරීම විතරක් නෙවෙයි ආදායම් බදු එකතු කිරීමකුත් අවශ්‍යයි. මෙතෙක් දුර බදු ජනතාව ගෙවන්නේ නැහැ නෙවෙයි ගෙවනවා. නමුත් ඒකට ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් ලැබෙන එක තමයි ලැබුන් නැත්තෙ. ශ්‍රී ලංකා ජාතින්ගේ එකම දේ තමයි හැමදේම නිකං ලබා ගන්න සංකල්පය. ගෙවන අය තමයි ගෙවන්නෙ. අපි නම්‍යශීලි මම කියලා තියෙනවා ඒ අය පස්සෙ හිරිහැර කරගෙන යන්න එපා. නමුත් ඔය බෝඩ් ලෑලි අල්ලලා කඩ වහන්න යන්න හදන අය. ඒ අය සදාකල්ම වහල දාන්න මොකටද අපට අවශ්‍ය නෑ එගොල්ලෝ. ඒගොල්ලො ජනතාවගේ බදු සල්ලි එයාලා ගන්නවා. අතේ තියෙන සල්ලි රටට ලබලා දෙන්නෙ නැහැ. ආණ්ඩුවට ලබලා දෙන්නේ නැහැ. තියෙන බදු ටික ජනතාවගෙන් අරන් ඒ ගෙවන්නෙ නැති ස්වරූපය තවම තියෙනවා. මං කාරුණිකව ඒ සියලූ දෙනාගෙන් ඉල්ලන්නෙ රටේ මේ සංවර්ධනයට එකතු වෙන්න. මේ සරල දේ කළොත් මං හිතන විදිහට සුවිශේෂී වෙනසක් මේ රට තුළ වෙනවා.’’




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories