විදුලිබල මණ්ඩලයේ ජනන සැලැස්ම කොමිසම ප්‍රතික්ෂේප කරයි

Sunday, 07 August 2016 - 12:52

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ලංකා විදුලිබල මණ්ඩලය මගින් සකස් කළ ඉදිරි දශක දෙක සඳහා වන ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන විදුලිබල ජනන සැලැස්ම මහජන උපයෝගීතා කොමිසම මගින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලය වෙත ලිපියක් යොමු කරමින් මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ 2036 වසර දක්වා අඩු වියදමකින් විදුලි ජනනය සඳහා ඉදිරිපත් කර ඇති එම සැලැස්ම මහජන උපයෝගීතා කොමිසම මගින් ඉදිරිපත් කළ ඇතැම් කොන්දේසිවලට අනුකූල නොවන බවයි.

සාම්පූර් බලාගාරය ඉදිකිරීම ප්‍රමාදවීම, වසර 2020 දක්වා මෙරට විදුලි හිඟයකට හේතුවිය හැකි බවද උපයෝගීතා කොමිසම පෙන්වා දෙනවා.

ජල විදුලි, තාප විදුලි සහ අනෙකුත් විකල්ප විදුලිබල උත්පාදකයන්ගේ ප්‍රතිශත ඇතුළත් වාර්තාව විදුලිබල මණ්ඩලය පසුගිය ජූලි 27 වනදා මහජන උපයෝගීතා කොමිසම වෙත යොමුකර තිබුණා.

අදාළ සැලැස්ම ප්‍රතික්ෂේප කරමින් මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ එම සැලැස්ම කරුණු කිහිපයක් සැළකිල්ලට ගෙන සංශෝධනය කළ යුතු බවයි.

විදුලිබල ඉල්ලුම සොයා බැලීමේ ක්‍රමවේදයක් සැකසීම, දැනට පවතින ප්‍රතිචක්‍රීය බලශක්තීන් උපයෝගී කරගැනීම, පාරිසරික - සෞඛ්‍ය ඇතුලු අනෙකුත් කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම මෙන්ම සාම්පූර් බලාගාරය පමාවුවහොත් ඊට විකල්පයක් සැකසීම ඇතුලු නිර්දේශ ඊට ඇතුළත්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories