තීරු බදු රහිත වාහන චක්‍රලේඛයට - රජයේ විධායක නිලධාරීන්ගේ විරෝධය

Sunday, 07 August 2016 - 13:10

%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%BA%E0%B6%A7+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
මුදල් අමාත්‍යාංශය මගින් දැන් නිකුත් කර ඇති රජයේ සේවකයන්ට අදාළ  තීරුබදු රහිත වාහන පිළිබඳ චක්‍රලේඛය වැරදි සහගත බවට දීපව්‍යාප්ත සේවාවල විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව චෝදනා කරනවා.

මෙම කමිටුවට වෛද්‍ය, ඉංජිනේරු, ආයුර්වේද, පශූ වෛද්‍ය, මිනින්දෝරු සහ තාක්ෂණ විධායක නිලධාරීන්ද අයත්.

මේ සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ ඒකාබද්ධ කමිටුවේ සභාපති නිමල් කරුණාසිරි කියා සිටියේ චක්‍රලේඛයේ පවතින දෝෂ නිවැරදි නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවයි.  

‘‘බදු සහන පදනම යටතේ දීපු වාහන බලපත්‍රය කියන එක බොහෝ සේවා වලට හොද වෘත්තීකයින් ඇතුළත් වීමට පොඩි අභිප්‍රේෂණයක් වුණා.
ඒ නිසා තමයි පැවති රජයන් දිගින් දිගටම මේ වරප්‍රසාදයන් දුන්නේ.
තිබුණ වරප්‍රසාදය සම්පූර්ණයෙන්ම අහෝසි කළා කියන්නේ අපිව මේ රටට අවශ්‍ය නෑ කියන එක තමයි.
මේක සහනයක් නොවෙයි ඇත්තටම ඒ දීපු දේ පවා අපට අහිමි කිරීමෙන් කරලා තියෙන්නේ බරපතල විෂමතාවයක්.
ජනාධිපතිතුමා ඉතාමත් පැහැදිලිව කිව්වා මේ දීපු දේ අපි ගන්නේ නැහැ.
ඒ නිසා අපි විශ්වාස කරනවා ජනාධීපතිතුමා මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වැරදි සහගත චක්‍රලේඛනය නිවැරදි කිරීමට  ජනාධිපතිතුමා කඩිනම් ක්‍රියාත්මක වෙයි කියලා.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගෙන් සාකච්ඡාවක් ඉල්ලලා තියෙනවා.
එසේ නොවන  ඕනෑම මොහොතක දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට නිරත වීමට තීරණය කරනවා.’’

පසුගිය ජූලි 14 වනදා මුදල් අමාත්‍යාංශය මගින් මෙම චක්‍රලේඛය නිකුත් කළ අතර, එමඟින් රජයේ නිලධාරීන් සඳහා සහනදායී පදනම මත මෝටර් රථ ලබාදීමේ යෝජනා ක්‍රමයට සංශෝධන ඉදිරිපත් කර තිබුණා.

ඒ යටතේ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතනවල විධායක ශ්‍රේණියේ නිලධාරීන්, වෛද්‍යවරුන්, නීතීඥවරුන්, විශ්වවිද්‍යාල කුලපතිවරුන්, ආචාර්යවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩල විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට වසර හයක සේවා කාලයකින් පසු මෙම පහසුකම් සඳහා අයදුම් කළ හැකියි.

නිලධාරියෙකුට උපරිම වශයෙන් බලපත්‍ර දෙකක් ලබාගත හැකි අතර, දෙවන බලපත්‍රය හිමිවන්නේ පළමු බලපත්‍රය ලබාගෙන වසර 10 කට පසුවයි.

සහනදායී පදනම මත ලබාදෙන මෝටර් රථ බලපත්‍රයේ වටිනාකම ඇමරිකානු ඩොලර් 30 000 කට සීමාවන අතර ඊට සියයට 50 ක බදු සහනයක් හිමිවනු ඇති.  

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories