ඇසළ පෙරහරේ ආරක්ෂාවට පොලීසියෙන් 4500 ක්

Sunday, 07 August 2016 - 13:14

%E0%B6%87%E0%B7%83%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+4500+%E0%B6%9A%E0%B7%8A
හෙටින් ආරම්භවන මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 4500 කට අධික සංඛ්‍යාවක් අනුයුක්ත කර ඇති බව මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ඞී.එස්. ගුණවර්ධන පවසනවා.

ඇසළ පෙරහර පැවැත්වෙන කාලය අතරතුර ශ්‍රී දළඳා මාලිගාව සහ ඒ අවට ආරක්ෂාව සඳහා අනුයුක්ත කර ඇති නිලධාරින්ගේ හමුවකට එක්වෙමිනුයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

මෙවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර හෙට වීථි සංචාරය කෙරෙන අතර  එය දින 5 ක් පැවැත්වෙනවා.  

පළමු රන්දෝලි පෙරහර ලබන 13 වනදා ආරම්භ වන අතර අවසන් රන්දෝලි පෙරහර ඇසළ පෝදා රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories