තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රය පැය දෙකක් ප්‍රමාදයි

Sunday, 07 August 2016 - 13:16

%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
මහනුවර - වළල මහා  විද්‍යාලයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයෙහි තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රය පැය දෙකක් ප්‍රමාදවී ලබාදීම සම්බන්ධයෙන් වත්තේගම පොලිසිය  පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ එහි ශාලා අංක දෙකෙහි සිටි සිසුන් 11 දෙනෙකු තමන්ට තාක්ෂණවේදය ප්‍රශ්ණ පත්‍රය ප්‍රමාදවී ලැබීම හේතුවෙන් පිළිතුරු ප්‍රමාණවත් ලෙස ලිවීමට කාලය මදිවූ බව පවසමින් පැමිණිල්ලක් සිදුකර තිබුණා.

ඒ අනුව මෙම පරීක්ෂණ ආරම්භ කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඊයේ පස්වරු 12 සිට 3.30 දක්වා පැවති තාක්ෂණවේදය විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් එකවර ලබාදීමට නියමිතව තිබූ නමුත් පස්වරු දෙක පසුවී එහි දෙවන කොටස ලබාදුන් බවයි එම පැමිණිල්ලේ සඳහන් වන්නේ.

පසුව පිළිතුරු ලිවීම සඳහා සිසුන්ට විනාඩි 15 ක අතිරේක කාලයක් ලබාදී තිබෙනවා.   

අප මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාරගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ මෙවැනි පැමිණිල්ලක් මෙතෙක් තමන් වෙත වාර්තාවී නොමැති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව කරුණු සොයා බලන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories