මහනුවර ප්‍රථම කුඹල් පෙරහර අද

Monday, 08 August 2016 - 7:37

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද වීථි සංචාරය කිරීමට නියමිතයි.

රාත්‍රී 7.12 ට යෙදෙන සුබ මොහොතින් දකුනු දිශාභිමුඛව පිටත්වන පෙරහර දළදා වීදිය, ඞී.එස්. සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරෙන් ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජවීදිය ඔස්සේ පැමිණ යළි මාළිගාවට පිවිසෙනු ඇති.

ඇසළ පෙරහර මංගල්‍යයේ අද ආරම්භ වන කුඹල් පෙරහර මේ මස 12 වනදා දක්වා වීථි සංචාරය කරන අතර, ප්‍රථම රන්දෝලි පෙරහර ආරම්භවන්නේ මේ මස 13 වනදායි.

අවසන් රන්දෝළි පෙරහර නිකිණි මස පුර පසළොස්වක පොහොය යෙදෙන 17 වනදා වීථි සංචාරය කරනු ඇති.

පෙරහර ආරක්ෂාව සඳහා 4500 ක පොලිස් බල ඇණියක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ 200 දෙනෙකු යොදවා තිබෙනවා.

මේ අතර මෙවර දළදා පෙරහරේ කරඩුව වැඩමවීම සඳහා ඇතුන් හතරදෙනෙකු සිටින බවයි ශ්‍රී දළදා මාළිඟාවේ අලි ඇතුන් භාරකරු වන ප්‍රදීප් මියනපලාවල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories