උතුරේ මහ ඇමති අමාත්‍ය මණ්ඩලය ගැන සොයයි

Monday, 08 August 2016 - 7:41

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
උතුර පළාත් අමාත්‍ය මණ්ඩලයට එරෙහි චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා මහඇමති සී.වී. විග්නේෂ්වරන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ හිටපු විනිසුරුවරුන් දෙදෙනෙකු සහ දිස්ත්‍රික් ලේකම්වරයෙකු කමිටුවට ඇතුළත් බවයි.

‘‘උතුර පළාත් සභාවේ ඉන්න ඇමතිවරුන්ට විවිධ චෝදනා තියෙනවා.
ඒ සම්බන්ධයෙන් විමර්ශන කරන්නයි මම මේ කමිටුව පත් කළේ.
උතුර පළාත් සභාවේ ඇමතිවරුන් පත් කරලා තියෙන්නේ ඔවුන්ගේ සුදුසුකම් සහ පක්ෂය පිළිබද අධ්‍යයනය කරලා.
ඒ නිසා චෝදනා එල්ල වූ පලියට ඔවුන් ඉවත් කරන්න බැහැ.
ජනතාවගෙන් ගොඩක් චෝදනා එල්ල වෙලා තියෙනවා.
එම චෝදනාවල පදනමක් තියෙනව ද කියලයි අපි සොයලා බලන්නේ.
ඒකට සාක්ෂි ලැබුණොත් අපි ඔවුන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා.’’



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories