දුම්රියෙන් ගමන් කරමින් සිටියදී එල්ලවූ ගල් පහරකින් පුද්ගලයෙකු මරුට

Monday, 08 August 2016 - 7:57

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දුම්රියේ ගමන් කරමින් සිටියදී පිටතින් එල්ල කරන ලද බෝතල් ප්‍රහාරයක් වැදී බරපතල තුවාල ලබා රෝහල් ගතකර සිටි සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මොහු  දින 5 ක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර  ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

රාජකාරි කටයුත්තක් සඳහා පසුගිය 3 වනදා කොළඹ සිට දුම්රියෙන් අනුරාධපුරයට පැමිණෙමින් සිටින අවස්ථාවේදී ඔරුගොඩවත්ත සහ කැළණිය දුම්රිය ස්ථාන අතරදියි මොහු මෙම අනතුරට මුහුණදී ඇත්තේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අනුරාධපුර පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්තව  සේවය කරන සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙක්.

දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම ඔරුගොඩවත්ත සහ කැළණිය දුම්රිය ස්ථානය අතර සිදුවන මෙම පහරදීම් සම්බන්ධයෙන්ද විශේෂ සොයාබැලීමක් සිදුකරන බවද ඔහු සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories