විදුහල්පති විසින් පාසල් වෙලාවේදී ගුරුවරියට කළ අමුතු වැඩේ (ඡායාරූප)

Monday, 08 August 2016 - 8:38

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කුලියාපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරෙයෙක් ගුරුවරියකට තර්ජනය කර පහර දීමක් හේතුවෙන්  ගුරුවරිය රෝහල්ගතවී තිබෙනවා.

පසුගිය දිනක පාසලේ පන්ති කාමරයක් මාරු කිරීමකදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහර දීම සිදු කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මෙම සිදුවීම පිලිබදව එම ගුරුවරියගෙන් විමසු විට ප්‍රකශ කළේ මෙවැනි අදහසක්.

"දන්ත සායනයකට පිරිසක් ඇවිත් හිටපු නිසා මගේ පන්ති කාමරය ඒ අයට දෙන්න කිව්වා.
ඒ වෙලාවෙ දරුවෝ එක්ක මම පුස්තකාලෙට ගියා ඩෙස් පුටු අරගෙන.
එතනට විදුහල්පති ඇවිත් පන්තියෙන් යන්න කිව්වා.
වෙන මිස් කෙනෙකුට පන්තිය දෙන්න කිව්වා.
පසුව මම කාර්යාලයට ගිහින් පන්තියට එනකොට යන්න එපා කිව්වා.
ඇවිත් බැනගෙන ගියා.
මම එතනින් එන්න හදද්දි කම්මුලට පාරවල් 5ක් විතර ගැහුවා.
මට සිහිය නැතිවුණා වගේ වුනා.
පස්සෙ කෙටි නිවාඩුවක් ඉල්ලුවා ඒක දුන්නෙත් නැහැ.
අනිත් අය ඉදිරියෙ හොද මුහුණ පෙන්නුවට නිතරම අයුතු යෝජනා ගේනවා.
මටත් කිහිපවිටක්ම එහෙම යෝජනා කරා.
මම කිව්වා ඒවට කැමති නැහැ කියලා.
ඒක නිසා මට දිගටම බොරුවට කෑ ගහනවා.
මට හොද නම තියාගන යන්න දෙන්නෙ නැහැ කියනවා.
මම බයෙන් ඉන්නෙ මගෙ දරුවො හතරදෙනාගෙන් දෙන්නෙක් ඒ
පාසලේ ඉගෙන ගන්නවා.
එක දරුවෙක් මේපාර ශිෂ්‍යත්වයට පෙනී ඉන්නවා.
මට බයයි මගෙ ළමයින්ගෙනුත් මේ විදුහල්පතිවරයා පලි ගනී කියලා."

මේ පිලිබදව අදාළ විදුහලේ විදුහල්පතිවරයා පැවසුවේ මෙවන් අදහසක්

"ඒ රෝහල් ගතවුණා කියන ගුරුවරිය කා එක්ක හෝ රණ්ඩු වෙන්න බලාගෙනයි ඉන්නෙ.
ඒ ගැන පාසලේ අනිත් ගුරුවරු විතරක් නෙවෙයි හිටපු විදුහල්පතිවරු පවා මේ ගුරුවරිය ගැන ඇහුවොත් කියයි.
මෙතන ලොකු සිදුවීමක් වුණේ නැහැ.
දන්ත සායනයක් තිබුන නිසා ඒකට පන්තිය දීල මම කිව්වා පුසතකාලයට යන්න කියලා.
ඒ දරුවන්ට සිංහල තිබුන නිසා මම සිංහල ගුරුතුමියට පන්තියට යන්න කිව්වා.
ඒත් මෙ ගුරුවරිය පන්තියෙන් ගියෙ නෑ.
කාර්යාලයට ඇවිත් මා එක්ක රණ්ඩු වුණා.
පස්සෙ මම එතනින් යන්න හදනකොට මගෙ ඇගෙන්  අදින්න හැදුවා.
මම තල්ලු කරල එලියට ආවා.
ඩෙස්ක් එකකද කොහෙද පැටලිලා වැටෙනවා වගේ දැක්කා.
ඒ කියන තරම් සිදුවීමක් වුණේ නැහැ.
ගමේම අය ඒ ගැන දන්නවා."

කෙසේ වෙතත් අදාළ ගුරුවරිය මේවන විටත් කුලියාපිටිය මූලික රෝහලේ ප්‍රථිකාර ලබන අතර රෝහල්
පොලිසිය මගින් ඒ සම්බන්ධව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.



ඡායාරූප - කුලියාපිටිය උපේන්ද්‍ර




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories