අභිරහස් ලෙස ගාල්ලේ පිහිණුම් තටාකයෙන් මතුවූ මළ සිරුර (ඡායාරූප)

Monday, 08 August 2016 - 10:12

%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%A7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හබරාදුව - අගුළුගහ ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අහංගම - පැලැස්ස ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

එම පුද්ගලයා තවත් හත්දෙනෙකු සමඟ මෙම හෝටලය වෙත ඊයේ රාත්‍රී පැමිණ ඇත්තේ සාදයකට සහභාගිවීම සඳහායි.

එහිදී ඔහු මෙම අනතුරට ලක්ව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ මරණය සැකසහිත බවට ඔහුගේ ඥාතීන් ප්‍රකාශ කර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.



(ඡායාරූප - රොෂාන් පියතිලක)


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories