මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය ඇරඹේ

Tuesday, 09 August 2016 - 7:49

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B6%87%E0%B7%83%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර ඊයේ වීථි සංචාරය කළා.

රාත්‍රී 7.12 ට යෙදුණු සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව පිටත්වූ පෙරහර දළදා වීදිය, ඞී.එස්. සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරෙන් ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජවීදිය ඔස්සේ පැමිණ යළි මාළිගාවට ගෙවැදුණා.

ඇසළ පෙරහර මංගල්‍යයේ ඊයේ ආරම්භ වූ කුඹල් පෙරහර මේ මස 12 වනදා දක්වා වීථි සංචාරය කරන අතර, ප්‍රථම රන්දෝලි පෙරහර ආරම්භවන්නේ මේ මස 13 වනදායි.

සම්ප්‍රදායක නැටුම් රාශියක් ඇතුළත්ව අලි ඇතුන්ගෙන් සමන්විතව අලංකාර පෙහරක් පැවති අතර විශාල ජනතාවක් පෙරහැර නැරඹීමට පැමිණි බව සදහන්.

අවසන් රන්දෝළි පෙරහර නිකිණි මස පුර පසළොස්වක පොහොය යෙදෙන 17 වනදා වීථි සංචාරය කරනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories