Update : පශු වෛද්‍යවරුන්ගේ වර්ජනය නිසා සත්ත්වෝද්‍යාන සහ අලි අනාථාගාරවල ප්‍රතිකාර නවතී

Tuesday, 09 August 2016 - 8:12

Update+%3A+%E0%B6%B4%E0%B7%81%E0%B7%94+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%AE%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
රජයේ පශු වෛද්‍ය නිලධාරීන් අද උදෑසන ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් සත්ත්ව උද්‍යානවල සහ ආහාර පරීක්ෂා කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

අද උදෑසන 8ට ඔවුන් දිවයින පුරා පැය 48ක වර්ජනයක් ආරම්භ කළේ වැටුප් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

විශේෂයෙන් මෙම වර්ජනය නිසා දෙහිවල සත්ත්ව උද්‍යානයේ මෙන්ම පින්නවල අලි අනාථාගාරයේ ප්‍රතිකාර කටයුතුවලට බාධා එල්ල වී ඇති බවට වාර්තා වනවා.

Update : Tuesday, August 9, 2016 : 12.55
...................................................................................................

රජයේ පශු වෛද්‍ය නිලධාරීන් අද උදෑසන 8 සිට දිවයින පුරා පැය 48ක වර්ජනයක් ආරම්භ කරනවා.

ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම, පරිපාලන සේවයේ වැටුප් පිහිටුවීම ආදී ගැටලු රැසක් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කළද ඊට නිසි විසඳුම් නොලැබීම මෙලෙස වැඩවර්ජනයකට එළැඹීමට හේතු වූ බවයි එම සංගමයේ සභාපති පශු වෛද්‍ය එම්.පී. කීර්ති කුමාර ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories