පෙරහැර බලන්න නුවර ගිය කාන්තාවන් දෙදෙනෙකුට වූ දේ

Tuesday, 09 August 2016 - 11:23

%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළ කුඹල් පෙරහර නරඹමින් සිටි කාන්තාවන් තුන්දෙනෙකුගේ ශරීරය මතට වීදුරු ජනේලයක් කඩා වැටී තිබෙනවා.

ඉන් තුවාල ලැබූ ඔවුන් මහනුවර මහරෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

එම කාන්තාවන් තුන්දෙනා පෙරහර ගමන් ගන්නා කොළඹ වීථිය මාර්ගය අසළ පෙරහර නරඹමින් සිටියදී මෙලෙස කඩා වැටී ඇත්තේ ඔවුන් රැදී සිටි ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ලක දෙවන මහලේ වීදුරු ජනේලයක්.

තුවාල ලැබූ කාන්තාවන් තුන්දෙනාගෙන් එක් අයෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර අනෙක් දෙදෙනා තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි මහනුවර මහ රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories