තුර්කි ජනපති අද රුසියානු නායකයා හමුවෙයි

Tuesday, 09 August 2016 - 11:47

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තුර්කි ජනාධිපති තායිප් අර්ඩවාන් අද මොස්කව් නුවර දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුණ ගැසෙනවා.

රුසියාව සමඟ සබඳතාවල නව ආරම්භයක් ඇති කිරීමට අපේක්ෂා කරන බවයි තුර්කි නායකයා සඳහන් කළේ.

සිරියානු දේශසීමාව ආසන්නයේදී රුසියානු ප්‍රහාරක යානයක් තුර්කිය පසුගිය නොවැම්බරයේදී බිම හෙලීමෙන් අනතුරුව දෙරට අතර සබඳතා දැඩි ලෙස පළුඳු වුණා.

ඊට ප්‍රතිචාර වශයෙන් රුසියාව තුර්කියට එරෙහිව ආර්ථික සම්බාධක පැනවූ අතර රුසියානුවන්ට තුර්කියේ සංචාරය සඳහා ලබාදී තිබූ දිරි ගැන්වීම් ද අත්හිටුවනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories