වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය නැහැ

Tuesday, 09 August 2016 - 13:58

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමයන් අනුගමනය කර නොමැති බැවින් එම ක්‍රියාවලිය වලංගු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කථානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සඳහන් කර ඇති ක්‍රියාමාර්ගවලට අනුව අදාළ පනත් කෙටුම්පත නැවත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී කථානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

අනතුරුව නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳව අදහස් පළ කරමින් කියා සිටියේ නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව කටයුතු කළ යුතු බවයි අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories