පාකිස්ථානයේ රෝහලකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය ජනපති හෙළා දකී

Tuesday, 09 August 2016 - 13:54

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
ආසියානු කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීමට කලාපීය සහයෝගීතාවය ලබා ගැනීම සඳහා නිළ ඉල්ලීමක් ඉදිරි සාක් සමුළුවේදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින පාකිස්තාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් අද පෙරවරුවේ ජනාධිපති නිළ නිවසේදී හමුවූ අවස්ථාවේදියි.

මෙරට හමුදා නිලධාරීන්ට පුහුණුව ලබාදීමට පාකිස්තාන රජය දැක්වූ සහය වෙනුවෙන් මෙහිදී ජනාධිපතිවරයා ස්තූතිය පළ කර තිබෙනවා.

එමෙන්ම 70 දෙනෙකුට ජීවිත අහිමි කරමින් පාකිස්ථානෙය් ක්වෙටා නුවර රෝහලකට ඊයේ එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව ජනාධිපතිවරයා ලක් රජය වෙනුවෙන් කණගාටුව පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories