නව ආයෝජන සිදුකිරීමට තායිලන්තයේ කැමැත්ත

Tuesday, 09 August 2016 - 18:50

%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD
පුත්තලම සහ ගාල්ල සිමෙන්ති කර්මාන්තශාලා සඳහා නව ආයෝජන සිදුකිරීමට තායිලන්තයේ ප්‍රධාන සිමෙන්ති නිෂ්පාදන ආයතනයක් කැමැත්ත පළ කර තිබෙනවා.

එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීයා ඇතුලූ තවත් නිලධාරීන් පිරිසක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව ඔවුන්ගේ ඇගයීමට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එබැවින් ආයෝජනය සඳහා සුදුසු රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බැවින් ඔවුන්  ආයෝජන සිදුකිරීමට කැමැත්ත පළ කර තිබෙනවා.

එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙරට පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳවද පැමිණ සිටි පිරිස දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories