ශ්‍රී ලාංකිකයන් හත්දෙනෙකු රත්‍රං සමඟින් ඉන්දියාවේදී අත්අඩංගුවට

Wednesday, 10 August 2016 - 8:14

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධී ලෙස රන් රැගෙන ගිය ශ්‍රී ලාංකිකයන් හත්දෙනෙකු ඉන්දියාවේ බැංගලෝර් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් හයදෙනෙකුම කාන්තාවන් බවයි හින්දු පුවත්පත වාර්තා කළේ.

මොවුන් සතුව තිබී රන් කිලෝ ග්‍රෑම් දෙකක් පමණ සොයාගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 65 කට අධික බව හින්දු වාර්තාවේ දැක්වෙනවා.  

කාන්තාවන් පස්දෙනෙකු සහ පිරිමි පුද්ගලයා ශරීරය අභ්‍යන්තරයේ මෙම රන් බිස්කට් සඟවාගෙන පැමිණ ඇති බව සඳහන්.

එක් කාන්තාවක් රන් වළලු සිය හිස කෙස් අතර  සඟවාගෙන ද පැමිණ තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories