බැසිල්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවට අධිකරණයෙන් අවසර

Wednesday, 10 August 2016 - 8:23

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
මල්වාන ප්‍රදේශයේ ඉඩමක් රුපියල් මිලියන 64 කට මිලට  ගෙන එහි රුපියල් මිලියන 125ක වියදමින් නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අවසර ලබාදුන්නා.

ඒ, මීට අදාළ නඩුව පූගොඩ මහේස්ත්‍රාත් ඞී.ඒ. රුවන් පතිරණ හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේදියි.

නඩුවට පෙනී සිටීම සඳහා ගිලන් රථයකින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අධිකරණ පරිශ්‍රය වෙත රැගෙන ආ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එහිදී ගිලන් රථය වෙත ගිය මහේස්ත්‍රාත්වරයා බැසිල් රාජපක්ෂ නිරීක්ෂණය කර තිබෙනවා.  

මෙහිදී විත්තිය වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥවරයා ඉල්ලා සිටියේ බැසිල් රාජපක්ෂට අධිකරණ කිහිපයක ඇප නියෝග මත පොලිස් ස්ථාන රැසකට වාර්තා කිරිමට සිදුව ඇති බවයි.

එම නිසා සෑම මසකම අවසන් ඉරුදින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට වන ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙස නීතීඥවරයා ඉල්ලා සිටියා.

ඒ අනුව එම ඇප කොන්දේසිය ලිහිල් කළ විනිසුරු ඞී.ඒ. රුවන් පතිරණ  සෑම මාස දෙකකටම වරක් එළඹෙන අවසන් ඉරුදින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශස මූල්‍ය විශුද්ධිකරන පනත යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව පවරා  තිබෙනවා.

එහිදී  එම කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළව විමර්ශන කටයුතු මෙතෙක් අවසන් කර නොමැති බැවින් බැංකු දෙකක ඇති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ගිණුම් පරීක්ෂා කිරීමට අවසර ලබාදෙන ලෙසයි.

ඒ අනුව විනිසුරුවරයා ඒ සඳහා අවසර ලබාදුන්නා. මෙම නඩුව ලබන වසරේ ජනවාරි මස 10 වන දා යළි කැදවනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories