දැදිගම නිවසකින් මළ සිරුරු දෙකක් සොයා ගැනේ

Wednesday, 10 August 2016 - 8:57

%E0%B6%AF%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
දැදිගම - ගලපිටගම - දිවුල්දෙනිය ප්‍රදේශයේ නිවසක තිබී කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරු දෙකක් පොලීසිය ඊයේ (09) රාත්‍රියේ සොයාගත්තා.

නිවසේ ගෙළ වැළලාගෙන සිටියදී 42 හැවිරිදි පිරිමි පුද්ගලයාගේ මළ සිරුර හමුවී ඇති අතර, නිවසේ කාමරයක් තුල බිම වැටී තිබියදී කාන්තාවගේ සිරුර සොයා ගත් බවයි දැදිගම පොලිසිය කියා සිටියේ.

මෙලෙස මියගොස් ඇති කාන්තාව 35 හැවිරිදි වියේ පසුවන්නියක්. දෙදරු මවක් වන ඇය තම පුරුෂයාගෙන් වෙන් වී තනිවම එම නිවසේ ජීවත්ව තිබෙනවා.

සියදිවි හානි කර ගත් පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු බව අනාවරණ වී ඇති අතර, ඔහු අදාළ කාන්තාව සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවටයි හෙළිව ඇත්තේ.

අදාළ කාන්තාවගේ දරුවන් දෙදෙනා පියා සමග ජීවත් වන බවයි වාර්තාවන්නේ.

මියගොස් ඇති කාන්තාවගේ මුඛය ආශ්‍රිතව ලේ පැල්ලම් කිහිපයක් ද දක්නට ලැබෙන බව හිරු වාර්තාකරු සඳහන් කළා.

මොවුන් මියගොස් ඇත්තේ කෙසේ ද යන්න මෙතෙක් නිෂ්චිතව අනාවරණය වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories