පාකිස්ථානයේ නීතීඥවරුන් වර්ජනයක

Wednesday, 10 August 2016 - 9:58

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
නිරිත දිග පාකිස්ථානයේ - කුවෙටා නගරයේ රෝහලකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට එරෙහිව එරට නීතීඥයන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 70 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් වැඩි පිරිසක් නීතීඥයන් බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.

වෙඩි ප්‍රහාරයකින් අනතුරුව මියගිය ප්‍රකට නීතීඥවරයෙකු වන බිලාල් අන්වර් කාසිගේ දේහය රෝහල වෙත රැගෙන එමින් සිටින විට මෙම පිපිරීම සිදුවුණා.

ප්‍රහාරයේ වගකීම පාකිස්ථානයේ ක්‍රියාත්මක වන ජමාට් උල් අහ්රාර් නමැති ත්‍රස්ත කණ්ඩායම සහ අයි එස් කැරලිකරුවන් විසින් භාර ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories