ශ්‍රී ලාංකික ළදැරියක් රැගෙන ගිය ඊශ්‍රායල කත ගැන පරීක්ෂණ

Wednesday, 10 August 2016 - 13:18

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%85%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD+%E0%B6%9A%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
අවුරුද්දක් පමණ වයසැති ශ්‍රි ලාංකික දැරියක් සමග ඊශ්‍රායලයට පැමිණි කාන්තාවක් එරට තෙල් අවිව් ගුවන් තොටුපලේදී බලධාරින්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්වී තිබෙනවා.

49 හැවිරිදි ගාලිත් නකාශ් නමැති මෙම කාන්තාව ශ්‍රී ලංකාවෙන් එරටට ගොස් ඇති අතර, මෙරටින් පිටත්වීම සදහා එම කාන්තාව වෙනත් දරුවෙකුගේ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එමෙන්ම, ළදැරියගේ දෙමව්පියන් සම්බන්ධයෙන් ද මෙහිදී ඊශ්‍රායල බලධාරින්ගේ ප්‍රශ්න කිරීමට ලක්ව ඇති බව සදහන්.

ළදැරියගේ මව මෙම කාන්තාවම දැයි සහතික කර ගැනීම සදහා ඞී.එන්.ඒ පරීක්ෂාවක් ද පවත්වන බවයි ඊශ්‍රායල බලධාරින් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ඊශ්‍රායල තානාපති කාර්යාලය මගින් ළමා රක්ෂක අධිකාරිය ද දැනුම්වත් කර තිබෙනවා.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලමින් සිටින බවයි එම අධිකාරියේ උසස් නිලධාරිනියක් සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories