අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති යළි රිමාන්ඩ්

Wednesday, 10 August 2016 - 13:57

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික මේ මස 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, මොවුන් අද පෙරවරුවේ  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

සිය දියණියගේ උපාධි ප්‍රදානෝත්සවය සදහා සහභාගි වීමට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට අවසර ලබාදෙන ලෙස මෙහිදී ඔහුගේ නීතීඥයන්  ඉල්ලීමක් සිදුකළා.

කෙසේ වෙතත්, එය විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම, ඝාතන සිද්ධියට අදාළ සී.සී.ටී.වී දර්ශන කැනඩාවට රැගෙනයාම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට වීසා ලැබී ඇතැයි ද අද අධිකරණයේදී අනාවරණ වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories