කුමන්ත්‍රණකරුවන් ගැන හිටපු ජනපති කනස්සල්ලෙන් - ඇමති ඩිලාන් හෙළි කරයි

Thursday, 11 August 2016 - 8:14

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවේ පැමිණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී හූ හඬ නැගූ කුමන්ත්‍රණකරුවන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

බදුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මෙලෙස අදහස් පළ කළා.

‘‘අපි කිසිම ආකාරයක කුමන්ත්‍රණයකට හසුවිය යුතු වන්නේ නැහැ.
අපේ අප්පච්චි කොරියාවේදී මට ඇහුනා කියනවා.
එතුමාගේ ආණ්ඩු කාලයේදී එතුමා වටේ ගොඩක් කුමන්ත්‍රණකාරයෝ හිටියා කියලා එතුමාට දැන් තේරෙනවා කියලා.
එතුමා ඒක කියන්න ඇත්තේ මම හිතන්නේම අර පාද යාත්‍රාවේ කුමන්ත්‍රණකාරී ලෙස පක්ෂ මූලස්ථානයට හූ තිවීම සම්බන්ධයෙන් එතුමා ඉන්නේ බොහෝම කණස්සල්ලෙන්.
ඒ පාද යාත්‍රාවේ ආවේත් කුමන්ත්‍රණකාරයෝ කියලා එතුමා දැන් දන්නවා.
ඒ නිසා එවැනි කුමන්ත්‍රණකාරයන්ගෙන් එතුමා ප්‍රවේශම් වෙන්න  ඕනේ කියලා එතුමාට කොරියාවේදී හිතුණා.
ඒ නිසා එතුමා මං හිතන්නේ අනාගතයේදී එවැනි කුමන්ත්‍රණකාරයන්ගෙන් මිදෙන බවට තමයි ප්‍රකාශයක් කරේ.
ඒ සඳහා සැප්තැම්බර් මාසේ 04 වැනිදා අපේ පක්ෂයේ සංවත්සරය තියෙනකොට අපි කිරුලපනයි, ගාල්ලයි හැටියට වෙන් නොවී, කිරුලපනයි - ගාල්ලෙයි දෙපැත්තෙම ඒ කට්ටිය එකට එකතු වෙලා කුරුණෑගලට ගිහිල්ලා පක්ෂයේ 65 වැනි සංවත්සරය සාර්ථක කරන්ට මං හිතන්නේ මේ වෙලාවේ තමයි එතුමා නිවැරදිව ඒ කුමන්ත්‍රණකාරයින්ව හඳුනාගෙන තිබුණේ. ’’


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories