ප්‍රංශයේ ලැව්ගිනි පැතිරෙයි. හෙක්යාටර 2000 ක් විනාශයි

Thursday, 11 August 2016 - 13:45

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92.+%E0%B7%84%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7%E0%B6%BB+2000+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92
ප්‍රංශයේ - මාසේ ප්‍රදේශයේ ඊයේ (10) ආරම්භ වූ ලැව්ගිනි තවදුරටත් පැතිර යමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළා.

ලැව්ගිනි  පැතිර යාම හේතුවෙන් පුද්ගලයන් 1000 ක් එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර, හෙක්ටයාර 2260  ක් මේ වනවිට විනාශ වී ඇති බවයි වාර්තාවන්නේ.

ලැව්ගිනි පාලනය සඳහා ගිනි නිවන භටයින් 1500 ක් යොදවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ලැව් ගිනි පාලනය  කළ නොහැකි තත්ත්වයක් මේ වනවිට මතුව ඇති බවයි.

ගිනි සමඟ පැතිර යන අධික දුමාරය හේතුවෙන් මාසේ ගුවන් තොටුපලේ ගුවන් ගමන් ඇණ හිට ඇති අතර, මාර්ග දෙකක්ද වසා දමා තිබෙනවා.

ලැව්ගිනි පාලනය සඳහා පැමිණි ගිනි නිවීමේ භටයින් හතරදෙනෙක්ද තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories